මිස්ටර් බීන් චරිතයෙන් ලොවම වැළදගත් සුපිරි නළු රෝවන් ඇට්කින්සන් අලුත් පෙමක පැටලී තිබෙනවා. 

59 හැවිරිදි ඔහු 23 වසරකට පසු සිය බිරිදගෙන් දික්කසාදවීමෙන් අනතුරුවයි මෙම නව පේ‍්‍රමයට මුල පුරා ඇත්තේ. ඔහුගේ නව පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක වන 31 හැවිරිදි ලුවිස් ෆෝඩ්. ඔවුන් දෙදෙනාම පෙර විවාහවලින් එක් දරුවකු බැගින් සිටින මව් පියවරු වනවා. 

මේ වන විට ඔවුන් ප‍්‍රසිද්ධ සමාජය තුල පවා එකට පෙනී සිටින අතර ඉක්මනින් ඔවුන් විවාහ දිවියට ඇතුලත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.මීට පෙර රෝවන් ඇට්කින්සන් ඉන්දීය කාන්තාවක හා විවාහ වී සිටි අතර ටික කලකට පෙරයි ඔවුන් එකිනෙකාගෙන් වෙන්වුනේ.



0 comments:

Post a Comment

 
Top